කළුතර උත්තර පත්‍ර පරීක්ෂකවරු විරෝධතාවයක

2022(2023) අ.පො.ස උසස් පෙළ විභාගයේ කළුතර දිස්ත්‍රික්කයේ උත්තර පත්‍ර පරීක්ෂා කරන කළුතර බාලිකා විදුහලේ ගුරුවරුන් 300ක් පමණ අද එම කටයුතුවලින් ඉවත්ව විදුහල ඉදිරිපිට දී විරෝධතාවයක් සිදු කර තිබෙනවා.

ඒ රජය මඟින් පොරොන්දු වූ අත්තිකාරම් මුදල් ලබා නොදීම හේතුවෙනි.

දින 12කට පෙර මුදල් භාරගත් බවට අත්සන් ලබා ගෙන ද ඇති අතර අදාළ මුදල් බැර කල බවට පණිවිඩයක් ද එවා ඇතත් මෙතෙක් කිසිදු ගුරුවරයෙකුට මුදල් ලැබී නොමැති බවයි ඔවුන් චෝදනා කරන්නේ.

පසුගිය අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දින පහෙන් පහට රු 2,000ක් ලබාදෙන බවට පොරොන්දු වුවත් අදට දින 12ක් වන නමුත් අදාළ මුදල ලබාදීමට කටයුතු කර නොමැති බව ඔවුහු පවසනවා.