ජලය සහ පස් මගින් පැතිරෙන බැක්ටීරියාවක් හේතුවෙන් හටගන්නා පාංශු උණ – Melioidosis ලෙසින් හඳුන්වන රෝගී තත්ත්වයක් මේ දිනවල පැතිරෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනාවරණය කරනවා.
පවතින වැසි සහිත කාලගුණයත් සමග ජලයෙන් සහ පස් මගින් පැතිරෙන Burkholderia pesudomallei හෝ B.pseudomallei යන බැක්ටීරියා හේතුවෙන් මෙම රෝගය හට ගනී.
බැක්ටීරියාව මඟින් දූෂිත දූවිලි හෝ ජල බිඳිති ආශ්වාසය, දූෂිත ජලය ශරීරගත වීම හෝ සමේ වූ තුවාල, සීරීම් හරහා මෙම රෝගය වැළඳිය හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. ආසාදිත පුද්ගලයෙක්ගෙන් නිරෝගී කෙනෙක්ට බෝවීමේ අවධානම ඉතා අඩු වේ.
උණ, හිසරදය, කැස්ස, ඇඟපත අමාරු, ශ්වසන අපහසුතා ආදිය මෙහි පොදු රෝග ලක්ෂණ වන අතර බැක්ටීරියාව ආසාදනය වන ස්ථානය අනුව මෙම රෝග ලක්ෂණ වෙනස් විය හැකි වේ.
ආසාදනයෙන් ආරක්ෂා වීම සඳහා පස සහ ජලය සමඟ ගැටෙන ස්ථානවල වූ තුවාල හා සීරීම් හොඳින් ආවරණය කර ගැනීම, පස හා සම්බන්ධ ක්‍රියාකාරකම් වලදී පාදය ආවරණය වන ලෙස සපත්තු පැළඳීම ආදිය කළ හැකි වේ.

