ඇමරිකාවෙන් ලැබුණු ඖෂධ පරිත්‍යාගය

ඩොලර් මිලියන 39.6 ක් වටිනා ඖෂධ තොගයක් ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කොට තිබෙනවා.

ආසාදන තත්ත්ව, ආතරයිටිස්, දියවැඩියාව සහ කොලෙස්ටරෝල් සඳහා ලබා දෙන ඖෂධ මෙන්ම නිර්වින්දන සහ වේදනානාශක ඖෂධ ද ඇතුළු වර්ග 32 ක ඖෂධ එයට ඇතුලත් කොට තිබෙනවා.

ඇමරිකානු තානාපති ජූලි චන්ග් විසින් මෙම පරිත්‍යාගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත භාර දෙනු ලැබුවා.

එහිදී තානාපතිවරිය කියා සිටියේ මිතුරු රටක් ලෙස ඉදිරියේ දී ත් ශ්‍රී ලංකාවට තවත් ආධාර ලබා දීමට ඇමරිකාව සුදානම් බවයි.