පරිසර ආරක්ෂණ ප්‍රදේශ 10 ක් නම් කරමින් ගැසට් නිවේදනයක්

ජූනි මාසයට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දූෂණයට ලක්ව ඇති දිවයින පුරා පිහිටි ජල මූලාශ්‍ර සහ ජල පෝෂක පරිසර ආරක්ෂණ ප්‍රදේශ 10ක් ගැසට් කිරීමට පියවර ගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තේ වතු ඉඩම්වල පිහිටි ජල මුලාශ්‍ර රක්ෂිත ඉඩම් කැබලි 362ක් ද ජාතික පරිසර පනත යටතේ ‘හාලිඇළ ජල මුලාශ්‍ර රක්ෂිත පාරිසරික ආරක්ෂණ පනත ප්‍රදේශය’ ලෙස නම් කර තිබෙනවා.