සාමාන්‍ය පෙළ විභාගය ගැන ජනපති තීරණයක

සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුවෙකුගේ සමත් අසමත් බව පරීක්ෂා කරනවාද එසේත් නැත්නම් වෙනත් ක්‍රමයකයට අනුව විභාගය පවත්වනවා ද යන්න පිළිබඳව ඉදිරියේදී සලකා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

අද පෙරවරුවේ පැවැත්වූ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ජාතික පාසල් හා බස්නාහිර පළාත් පාසල් සඳහා ගුරු පත්වීම් ලබාදීමේ ප්‍රධානෝත්ස්වයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේ.

කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවති ප්‍රධාන උත්සවයට සමගාමීව දිවයිනේ සියලු පළාත්වල ගුරුවරුන් 7,342 ක් සඳහා ද අද පත්වීම් ලබාදීම සිදු කෙරුණා.