දකුණු පැසිෆික් සාගරයේ ටොංගා දූපතට ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 7.2 ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
භූ කම්පාවේ අපිකෙන්ද්‍රය කිලෝමීටර 167.4 ක් ගැඹුරින් පිහිටා තිබෙන බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය වාර්තා කරන්නේ.
එසේම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව ද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

