පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී එක් සංශෝධනයකට යටත්ව අදාළ පනත් කෙටුම්පත සඳහා අනුමැතිය ලබා දී ඇත.
මෙම අයවැය කාර්යාලය හරහා අයවැය විශ්ලේෂණ ක්‍රියාවලියට අතවශ්‍ය ස්වාධීනත්වය සහතික කෙරෙන බවයි එම කාරක සභාව පෙන්වා දෙන්නේ.

