යාපනයේ පෞද්ගලික පන්ති පිලිබඳ තීරණයක්

ජූලි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි සිකුරාදා සහ ඉරිදා යන දිනවල පෞද්ගලික පන්ති නොපැවැත්වීමට තීරණය කර ඇති බව යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවාබාලසුන්දරන් මහතා ප්‍රකාශ කරනවා.

ළමයින්ගේ මානසික සුවතාවය වෙනුවෙන්, 09 ශ්‍රේණියෙන් පහළ පන්ති එම දින දෙකෙහි නොපැවැත්වීමට සෞඛ්‍ය, පොලිස්, පෞද්ගලික පන්ති හිමිකරුවන් සහ ගුරුවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී එකඟ වී තිබෙනවා.

එසේම සෑම පෞද්ගලික පන්තියක්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.