ඡන්ද හිමි නාම ලේඛනයට Online ලියාපදිංචි වීමේ අවස්ථාව

2023 ඡන්ද හිමි නාම ලේඛනයට Online ක්‍රමය ඔස්සේ ද ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා.

WWW.ELECTIONS.LK වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි වීමේ කටයුතු සිදු කර ගත හැකි බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ.

2023 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර එම කටයුතු ලබන 16 වැනිදායින් අවසන් වීමට නියමිත යි.

අදාළ සංගණන පත්‍රිකා නිසි පරිදි සම්පූර්ණ කිරීමට ග්‍රාම නිලධාරීන්ට සහය වන්නැයි මැතිවරණ කොමිසම සියලු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.