ලංකාවේ නිල වත්කම් සංචිත ඉහළට

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 26.2% කින් ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

ඒ අනුව මෙරට නිල සංචිත ප්‍රමාණය මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 2.7 සිට අමෙරිකානු ඩොලර් බිලියන 3.2ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත් වන බවයි මහා බැංකුව සඳහන් කරන්නේ.