මැතිවරණයක් ඉල්ලා ජාතික ජන බලවේගයෙන් විරෝධතා මාලාවක්

“ජනමතයට ඉඩදෙනු – පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු” යන තේමා පාඨය ඔස්සේ ජාතික ජනබලවේගය විසින් උද්ඝෝෂණ මාලාවක් අද සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

එහි පළමු උද්ඝෝෂණය අද දින රාජගිරිය මැතිවරණ කොමිසම ඉදිරිපිට සිදුකිරීමට නියමිත බවයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරන්නේ.

එම උද්ඝෝෂණය සදහා ජාතික ජනබලවේගය නියෝජන කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියලු ඡන්ද අපේක්ෂකයින් සහභාගී වීමට නියමිතව ඇත.