තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් තද වැසි ඇති වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසිබර තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවටයි එහි සඳහන් කර තිබෙන්නේ.

ඒ අනුව, අද රාත්‍රියේ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී 150 ට වැඩි ඉතා තද වැසි අපේක්ෂා කර හැකි වෙනවා.

තවද සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ද ඇති විය හැකිය.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සහ නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අගලවත්ත, බුලත්සිංහල සහ පාලින්දනුවර යන ප්‍රදේශවලට නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.