මාරාන්තික ශ්වසන ආසාදන සහිත HMPV වෛරසය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.
කෙසේවෙතත් මෙතෙක් එම වෛරසයේ බලපෑමක් ශ්‍රී ලංකාවට එල්ල වී නොමැති බවයි කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේ.
HMPV වෛරසය අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු තවත් බටහිර රටවල් කිහිපයක ඉහළ ව්‍යාප්තියක් පෙන්වන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
කොවිඩ් ආසාදනයේ සහ උණ රෝගයේ රෝග ලක්ෂණ සහිත මෙම වෛරසය බොහෝ අවස්ථා වල සුළු බලපෑමක් ඇති කලත් කුඩා දරුවන් සහ වැඩිහිටියන් මෙන්ම අඩු ප්‍රතිශක්තිකරණයක් සහිත පුද්ගලයන් කෙරෙහි දරුණු ලෙස බලපෑම් ඇති කල හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

