ඖෂධ මිල අඩු කරන ලෙස සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්

අමෙරිකානු ඩොලරයේ මිල අඩුවීමට සාපේක්ෂව ඉතා කඩිනමින් ඖෂධ මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඩොලරයේ මිල අඩු වීමට සාපේක්ෂව ඖෂධ මිල අවම වශයෙන් 15% ක පමණ ප්‍රමාණයකින් අඩු විය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.