මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

තහනම් පිරමීඩ ක්‍රම ක්‍රියාත්මක කල ආයතන 08 ක නම් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

එම තහනම් කළ ආයතනවල නම් පහතින් දක්වා ඇත.

  1. Tiens Lanka Health Care (PVT)Ltd.
  2. Best Life International (PVT)Ltd.
  3. Global Life Style Lanka (PVT)Ltd.
  4. Mark-Wo International (PVT)Ltd.
  5. V M L International (PVT)Ltd.
  6. Fast 3 Cycle International (PVT)Ltd.
  7. Sport Chain App, Sports Chain ZS Society Srilanka
  8. OnmaxDT

එසේම මෙම ආයතනවලට එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට සලකා බලන ලෙසද ඉල්ලීමක් කර තිබෙනවා.

පිරමීඩාකාර ව්‍යාපාරවල නිරතවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.