ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙලට චීන රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව චීන විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං මහතා ප්‍රකාශ කරනවා.
චීනය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඊයේ පැවැත්වූ සාකච්ඡාවේ දී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
දෙරට අතර ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කරගැනීමට නව අවස්ථා සොයාබැලීමට චීනය උනන්දුවෙන් පසුවන බව යි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ.

