උතුරු කොරියාව චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට සැරසෙයි

ඉදිරි දින කිහිපය තුල තමන් චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම් කරන බව උතුරු කොරියාව විසින් අසල්වැසි ජපානයට දැනුම් දී තිබෙනවා.

ජපානය පවසන්නේ එම දියත් කිරීම මැයි 31 සිට ජූනි 11 දක්වා කාලය තුළ සිදු වන බවත්, එය කහ මුහුද, නැගෙනහිර චීන මුහුද සහ පිලිපීනයේ ලූසන් දුපතේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයට බලපෑම් කළ හැකි බවත් එම නිවේදනයේ සඳහන් කර ඇති බවය.

මෑතක දී උතුරු කොරියාව විසින් නව බැලැස්ටික් මිසයිලයක් ඇතුළු මිසයිල සහ ආයුධ අත්හදා බැලීම් මාලාවක් ද සිදු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.