මිය ගිය දරුවාව පියා බලහත්කාරයෙන් රැගෙන යයි

මිය ගිය දරුවාව රෝහලෙන් බලහත්කාරයෙන් රැගෙන ගිය පියෙකු සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන බව නුවරඑළිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂණ ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි.

නුවරඑළිය නගරයේ සංචාරයකට පැමිණි අවස්ථාවක හිටිහැටියේ තම දරුවාට සිහිය නැතිවූ බව පවසමින් පුද්ගලයෙකු විසින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත අවුරුදු 14ක පිරිමි දරුවෙකු රැගෙන විත් තිබුණි.

එම දරුවා මියගොස් ඇතැයි වෛද්‍යවරු අදාළ පුද්ගලයාට පවසා ඇති අතර, එම අවස්ථාවේ දී වෛද්‍යවරු සමග උරණ වී අදාළ පුද්ගලයා දරුවාව රැගෙන ගොස් තිබුණි.