උතුර, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මන්නාරම, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ගත වූ පැය විසිහතර තුළ උපරිම උෂ්ණත්වය මුලතිව් සහ පොතුවිල් ප්‍රදේශයෙන්, සෙල්සියස් අංශක 35.7 ක අගයක් ලෙස වාර්තා වුණා.
එමෙන්ම සෙල්සියස් අංශක 14 ක් වූ අඩුම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වුණා.

