යුක්‍රේන වෛද්‍ය සායනයකට මිසයිල ප්‍රහාරයක්

නැගෙනහිර යුක්‍රේනයේ ඩිනිප්‍රෝ නගරයේ පිහිටි වෛද්‍ය සායනයක් ඉලක්ක කර ගනිමින් රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

යුක්‍රේන බලධාරීන් සඳහන් කරන්නේ ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇති අතර තවත් 30 කට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි.

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි පවසන්නේ රුසියාවේ මෙම ප්‍රහාරය නැවත වතාවක් රුසියානු හමුදා මනුෂ්‍යත්වයට එරෙහිව සිය සටන ගෙන යන බවට තහවුරු කළ බවයි.