කොළඹ වරාය නගරයට එන සුප්‍රකට සාප්පු සංකීර්ණය

සිංගප්පූරුවේ සුප්‍රකට “වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී” සමූහය කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක් ස්ථාපිත කිරීම සඳහා ගිවිසුම් ගත වී තිබෙනවා.

කොළඹ වරාය නගර පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත වර්ග මීටර් 7,000ක තීරු බදු රහිත සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලේ වර්ග මීටර් 1,250ක කොටසක් වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී සමූහය විසින් සිය සාප්පු සංකීර්ණය සඳහා වෙන් කර ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.

නුදුරේදීම එහි ඉදිකිරීම් ආරම්භ කෙරෙන අතර මෙම වසර අවසානයට පෙර එම ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි කොළඹ වරාය නගර කාර්යාලය සඳහන් කරන්නේ.