ඩෙංගු මර්දන වැඩසටහන තවදුරටත්

ඩෙංගු මර්දනය කිරීම සඳහා අනුගමනය කරන වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව කොළඹ මහ නගර සභාව පවසනවා.

ඔවුන් පවසන්නේ එම ඩෙංගු මර්දන වැඩසටහන හේතුවෙන් රෝග ව්‍යාප්තියේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවයි.

මෙතෙක් සිදුකරන ලද පරික්ෂා කිරීම් වල දී මදුරුවන් බෝවන ස්ථාන තිස්දහසකට අධික සංඛ්‍යාවක් හඳුනාගත් බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.