අද පස්වරුවේ ජපානයේ ටෝකියෝ නගරයට ආසන්නව රිච්ටර් මාපකයේ 6.1 ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
එය චිබා අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් කිලෝමීටර් 44.5ක් ගැඹුරින් කේන්ද්‍රගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි සඳහන් වෙන්නේ.

