විදුලි ගාස්තු සංශෝධනය වෙයි

ඉදිරියේ දී සිදුකිරීමට නියමිත විදුලි බිල සංශෝධනය පිළිබඳ මිල ගණන් අද පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ඒකක 0 – 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට පවතින ඒකකය මිල රුපියල් 5කින් අඩු කර එහි නව මිල රුපියල් 25 ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.

එසේම ස්ථාවර ගාස්තුව ද රු 400ක සිට රුපියල් 250 දක්වා අඩුකිරීමට යෝජනා කළ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා පළමු කාණ්ඩයට අවමය 23%ක් ද, ඒකක 31 – 60 දක්වා 9% ක් ද ඒකක 0 – 60 දක්වා 7% ක්ද බැගින් සහනයක් ලබා දීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.