අද පස්වරුවේ නුවරඑළිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති බවට වාර්තා වෙනවා.
මේ හේතුවෙන් නගරයට ඇතුල් වන සහ පිටවන වාහන වලට දැඩි බාධා එල්ල වී තිබෙන අතර ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ එළවලු වගාවට ද හානි සිදු වන බවයි එලවළු ගොවින් ප්‍රකාශ කර සිටින්නේ.

