කලින්ම ගිවිසුම් ගත වුණු LPL ක්‍රීඩකයෝ

ජූලි මස 30 වන දායින් ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විට ක්‍රීඩකයින් කිහිපදෙනකු ගිවිසුම්ගත වී සිටිනවා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සඳහා තිසර පෙරේරා, මහීෂ් තීක්ෂණ, ඩේවිඩ් මිලර් සහ රමනුල්ලා ගුර්බාස් ද, දඹුල්ල අවුරා කණ්ඩායම සමග කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, මැතිව් වේඩ් සහ ලුන්ගි ගිවිසුම් ගතවී තිබේ.

වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, ෆකාර් සමාන් සහ මුජීබුර් රහමාන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගතවෙද්දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී සිටින්නේ දසුන් ශානක, භානුක රාජපක්ෂ, ශකිබ් අල් හසන් සහ ටබ්රේස් ශම්සි යන ක්‍රීඩකයින්ය.

කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමගින් චාමික කරුණාරත්න, මතීෂ පතිරණ, බාබර් අසාම් සහ නසීම් ෂා ගිවිසුම් ගත වී තිබේ.

එසේම මෙවර තරගාවලියේ දී ප්‍රථම වරට ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වල මහතා ප්‍රකාශ කරන්නේ.