නව ආයෝජන කලාප 06ක්

උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත්වල නව ආයෝජන කලාප 06ක් ඉදිකිරීම සඳහා මූලික පියවර ගෙන ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරනවා.

ත්‍රිකුණාමලය සහ මාන්කුලම්, පරන්තන් සහ කේ.කේ.එස් කියන ප්‍රදේශවල මෙන්ම, වයඹ පළාතේ ඉරනවිල සහ බිංගිරිය කියන ප්‍රදේශවල කෘෂිකර්ම අපනයනය මූලික කර ගනිමින් මෙම අයෝජන කලාප පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.