සතොස නඩුවෙන් ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට නිදහස

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී සතොස ආයතනයේ සේවකයින් සිය රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතු වල යොදවා රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙක් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

ඒ අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් විසින් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කිරීමත් සමඟ ය.