පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ආපදා සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ගාල්ල, අකුරුස්ස, කොටපොල, නාගොඩ, තවලම, කඹුරුපිටිය සහ අතුරලිය යන ප්‍රදේශයන් වෙත මේ වන විටත් සහන කණ්ඩායම බැඟින් යොමු කර ඇතැයි වාර්තා වෙනවා.
පසුගිය දින පහ තුළ පවුල් 428 ක පුද්ගලයන් 1,872ක් පීඩාවට පත් වූවන් අතර වෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

