ජර්මනියෙන් ඩොලර් බිලියන 3 ක යුධ ආධාර

යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි විසින් ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සමඟ එරට දී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වී තිබෙනවා.

එහිදී ඔලාෆ් ෂෝල්ස් ප්‍රකාශ කර සිටියේ යුක්රේනයට අවශ්‍ය වන තාක් ඩොලර් බිලියන 3 ක් වටිනා ආයුධ යුධ ආධාර වශයෙන් ලබා දීමට ජර්මනිය කටයුතු කරන බවයි.

මාරාන්තික රුසියානු මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා භාවිතා කරන ජර්මානු යුධ ටැංකි මෙන්ම ගුවන් යානා නාශක පද්ධති ද මෙම ආධාර යටතේ ලබා දීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

එසේම යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ තමන් ට රුසියාව තුල ප්‍රදේශ වලට ප්‍රහාර දීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.