පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් කොන්සුලර් අංශයේ ලේඛන සත්‍යාපන කටයුතුවලට බාධා පැමිණ ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.
කොළඹ පිහිටි කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල කටයුතුවලට ද මෙම දෝෂය හේතුවෙන් බාධා පැමිණ ඇති බව සඳහන්ය.
පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් හදිසි ලේඛන පමණක් ක්‍රියාවලියට යටත් කරන බව යි ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

