හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පාකිස්ථානයේ ආරක්ෂක අංශ සහ ඔහුගේ ආධාරකරුවන් අතර ප්රචණ්ඩ ගැටුම් හටගෙන තිබෙනවා.
මේ වන විට එරට පුරා විරෝධතා ඇති වෙමින් පවතින අතර, ක්වෙටා නගරයේ දී එක් අයෙකු ජීවිතක්ෂයට ද පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
70 හැවිරිදි වියේ පසුවන ඉම්රාන් ඛාන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ නඩුවක විභාගයක් සඳහා ඉස්ලාමාබාද් මහාධිකරණයට ඇතුළු වෙමින් සිටියදී ය.

