දවස් 15 කින් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂාව අවසන් කිරීමට සැලසුම්

2022 උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු ආරම්භ කරමින් ලබන සදුදා සිට උත්තර පත්‍ර පරික්ෂා කිරීම සදහා වන උපදෙස් ලබා දීමේ සැසි පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

එහිදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ පිළිතුරු පත්‍ර ප්‍රධාන පරීක්ෂකවරුන් සහභාගීත්වයෙන් එක් එක් විෂයට අදාළ ප්‍රශ්න පත්‍ර සදහා ලකුණු ලබා දීමේ ක්‍රියාපටිපාටිය පිළිබද සාකච්ඡා කිරීමට නියමිත ය.

ඉන් අනතුරුව ලබන 15 වනදා සිට උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීම ආරම්භ කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

එසේම දින 15ක් තුල එම කටයුතු අවසන් කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ