අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් සිසුන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය මත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාශය වෙත නිකුත් කර තිබෙනවා.

අධික උෂ්ණත්වයක් නිසා නොයෙකුත් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකි බැවින් එම මාර්ගෝපදේශ මාලාව සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇත.

දහඩිය දැමීම හේතුවෙන් විජලන සහ ලවන ඉවත් වීම හේතුවෙන් ඇති වන මස් පිඩු පෙරළීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්වයන් ඉහළ යාම මෙහි බරපතළ තත්ත්වයක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.

අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී සිසුන් පාසලෙන් ඉවතට යැවීම වළක්වා ගත යුතු අතර අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා හා පුහුණුවීම් නැවැත්විය යුතු බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.