දේශපාලන පක්ෂ අද රැස් වෙයි

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත ය.

එසේම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද හැරගිය පාර්ශව යළි නිදහස් පක්ෂයට එක් කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සකස් කොට ඇත.