බර අනුව බිත්තර අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර ඇත.
ඒ අනුව සුදු බිත්තර කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 880ක් ද, දුඹුරු බිත්තර කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 920ක් ද වේ.
සුදු බිත්තරයක් රුපියල් 44ක් හා දුඹුරු බිත්තරයක් රුපියල් 46ක් ද වන ලෙස තනි බිත්තරයක් සඳහා පාලන මිලක් පසුගිය ජනවාරි මස ප්‍රකාශයට පත් කරන ලදී.

