අද දිනයේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත් වලත්, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 36ත් අතර අගයක පවතින නමුත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ඊට වඩා වැඩි විය හැකි වේ.
මෙනිසා පෙරවරු 11 සිට පස්වරු 03 දක්වා කාලය තුළ හැකිතාක් එළිමහනට යාමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එසේම ඇති විය හැකි විජලන තත්ත්ව වළක්වා ගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි දියර වර්ග පානය කරන ලෙස ත් දැනුම් දෙනු ලබනවා.

