විදුලි, ඉන්ධන හා සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධයෙන් වන සියලුම සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, තැපැල් සේවය, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම, ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය සියලු සේවා, වැඩ හෝ ශ්‍රමය එලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් වේ.
අදාළ ආයතනවලින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය බැවින් එම සේවාවලට ඇති විය හැකි අවහිර හෝ බාධා අවම කිරීමට මෙම තීරණය ගෙන ඇත.

