යුක්තිය ඉල්ලමින් ජන පවුරක්

පාස්කු ප්‍රහාරයට වසර හතරක් සපිරෙන එළබෙන සිකුරාදා දිනයේ සත්‍යය හා යුක්තිය ඉල්ලා ජන පවුරක් සකස් කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ප්‍රකාශ කර සිටිනවා.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර දක්වා මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ මග දෙපස පෙළ ගැස්වෙන මෙම ජන පවුරට ජාති ආගම් භේදයකින් තොරව එකතුවෙන ලෙසට උන්වහන්සේ සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.