අලුත් අවුරුද්දේ පළමු පක්ෂ නායක රැස්වීම

අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වෙන පලමු පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම ලබන 20 වනදා පැවැත්වීමට නියමිත ය.

එදින පෙරවරු 11ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමට සහභාගීවන ලෙස සියලු පක්ෂ නායකයන්ට දැනුම් දී ඇත.

මේ අතර අලුත් අවුරුද්දෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසිවාරය එළඹෙන 25 වනදා පැවැත්වේ.

එහිදී ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත