ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාවට යළි නගර වලට පැමිණීම සඳහා විශේෂ ගමන්වාර බස්රථ කිහිපයක්ම සූදානම් කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව ද සඳහන් කළේ, පිට පළාත්වල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් අද සිට ක්‍රියාත්මක කර ඇති බවයි.

ඒ අනුව හෙට උදෑසන බදුල්ල සහ ගාල්ල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය දෙකක් සහ අනුරාධපුර සිට බෙලිඅත්ත දක්වා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිත ය.