මගී ප්‍රවේශ පත්‍ර වෙනුවට QR කේත ක්‍රමයක්

දුම්රිය හා බස් මගීන් සඳහා ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් මේ වසරේ දී හඳුන්වා දීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

ඇතැම් බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් නියමිත මගී ප්‍රවාහන ගාස්තු ඩිපෝ වෙත ලබා දීමට කටයුතු නොකරන බැවින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

QR ක්‍රමය හරහා ප්‍රවේශ පත්‍රය තමන්ටම ලබා ගත හැකි වන ක්‍රමවේදයක් මගියාට සකස් කර දී ඇත.