ප්ලාස්ටික් ආනයනට සීමා

ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන වර්ග කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් අද රජය විසින් නිකුත් කිරීමට නියමිතව ඇත.

ජුනි 1වන දා සිට බල පැවැත්වෙන පරිදි ප්ලාස්ටික් පයිප්ප සහ උපාංග, ප්ලාස්ටික් පිඟන් භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ, ප්ලාස්ටික් සනීපාරක්ෂක වැසිකිළි උපාංග ආනයනය එමඟින් තහනම් කර ඇත.

එසේම යෝගට් කෝප්ප හැර එක් වරක් පමණක් භාවිත කළ හැකි කෝප්ප, ප්ලාස්ටික් හැදි, ගෑරුප්පු, පිහි, ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි, කෘතිම මල්, කොළ සහ පළතුරු ආදිය ද ආනයනය තහනම් කිරීමට කටයුතු කර ඇත.