දකුණු ආසියාවේ හොදම දූෂණ මර්දන පනත ලංකාවට

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත මේ වසරේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම පනතට අදාළ කැබිනට් අනුමැතිය මේ වන විටත් ලබාදී ඇති බව දැන්වූ ජනාධිපතිවරයා ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද පවසා සිටියා.

මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමඟ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ පිළිබඳව ප්‍රකාශ කළා.