රුපියල ශක්තිමත්වීමෙන් රන් මිල අඩුවෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් මෙරට රන් මිලෙහි විශාල වෙනසක් සිදුව ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් එහි සභාපති විරාජ් ද සිල්වා සඳහන් කළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 15,000 ත් 20,000 ත් අතර අගයකින් පහළ ගොස් ඇති බවයි.