අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් මෙරට රන් මිලෙහි විශාල වෙනසක් සිදුව ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් එහි සභාපති විරාජ් ද සිල්වා සඳහන් කළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 15,000 ත් 20,000 ත් අතර අගයකින් පහළ ගොස් ඇති බවයි.

