Microsoft Outlook සහ Teams බිඳ වැටෙයි

Microsoft Outlook සහ ඒ ආශ්‍රිත සේවාවන් වන Teams, SharePoint, සහ Copilot යන සියල්ල බිඳ වැටි ඇතැයි වාර්තා වෙනවා.

Microsoft සඳහන් කර ඇත්තේ ඇතැම් කලාපවල සිය servers මත දැඩි පීඩනයක් පැවතීම හේතුවෙන් මෙලෙස ඒවායේ ක්‍රියාකාරිත්වයට බාධා එල්ල වී ඇති බවයි.

තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට Microsoft ක්‍රියාකරමින් සිටින බවයි එම සමාගම X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.