ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (10) දිනයේ කොළඹ දී විරෝධතාවක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසනවා.
අද දිනයේ දී සියලු දිස්ත්‍රික් ශාඛා සමිති නියෝජනය වන පරිදි සිය සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාව කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පැවැත්වීමට සැලසුම් කර ඇත.
කෙසේවෙතත් එමගින් රෝහල් කටයුතු කිසිදු බාධාවක් සිදුනොවන බවයි වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ.
වෛද්‍යවරුන්ගේ දීමනා සහ වැටුප් කප්පාදුව ඇතුළු ගැටලු රැසක් සම්බන්ධයෙන් එළැඹෙන අයවැයේ දී විසඳුම් බලාපොරොත්තු වෙමින් මෙම විරෝධතාව පැවැත්වෙනවා.
“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයේ සියලු ශාඛා සමිති, දිස්ත්‍රික්ක, පළාත් ආවරණය වන පරිදි නියෝජිතයින් අපි කොළඹට කැඳවලා තියෙනවා. දහස් සංඛ්‍යාත නියෝජිතයින් පිරිසක් කොළඹට එන්න සූදානම් වෙමින් ඉන්නවා. මේ වන විට ඔවුන් සූදානම් වෙමින් වෙනවා. අපි ආණ්ඩුවට ඉල්ලීමක් කරනවා. අපි ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරනවා. එළැඹෙන අයවැය දිහා අපි බලාගෙන ඉන්නේ. අපි වැඩවර්ජණයක් කරන්නේ නැහැ. සාමාන්‍ය පරිදි මේ රටේ සියලුම රෝහල්වල වෙනදා වගේම රෝගී සත්කාර සේවාවන් සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය සියලු විධිවිධාන යොදලා තියෙන්නේ. ඒ අවශ්‍ය රෝගී සත්කාර සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙන අතරතුරේදී, කිසිම වැඩවර්ජණයක් නැතුව දහස් සංඛ්‍යාත වෛද්‍යවරුන් කොළඹට එන්න සූදානම්, මේ පළවෙනි පියවර විතරයි අපි බලාගෙන ඉන්නවා අයවැය දිහා, බොහොම ධනාත්මක බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපි විශ්වාස කරනවා දොළොස්වැනිදා හවස වෙනකොට, ජාතික ජන බලවේග ආණ්ඩුවේ තුන්වැනි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඉවර වෙනකොට, මේ රටේ වෛද්‍යවරු මුහුණ දීලා තියෙන සැබෑ ප්‍රශ්න වලට සැබෑ උත්තර අපිට ලැබිලා තියෙයි කියලා.”

