විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාත් අදට යෙදෙන දීපවාලි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
“සමාජය අඳුරෙන් ආලෝකයටත් අයහපතෙන් යහපතටත් ගෙන ඒම නරකට නපුරට එරෙහිව කටයුතු කරන සියලු දෙනාගේම වගකීම යි. එම වගකීම ඉටු කිරීමට අධිෂ්ඨානශීලී ව කැපවීම දීපවාලිය තුළ සැඟව ඇති දර්ශනය සහ මඟපෙන්වීම යි. ඒ වෙනුවෙන් ජාති ආගම් පාට පක්ෂ භේදයෙන් තොරව එකට එකතු වෙමු.”


