අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේදී කොංග්‍රසයේ සෙනෙට් මණ්ඩලයේ බලය තහවුරු කරගැනීමට ඩිමොක්රටික් පක්ෂය සමත්ව තිබෙනවා.
ඒ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂය දෙවැනි තැනට ඇදදමමිනි.
මෙය සැලකෙන්නේ ජනාධිපති ට්‍රම්ප් පිළිබඳ පවතින ජනමතයේ ලිට්මස් පරීක්ෂාවක් ලෙසය. එසේම මෙම මැතිවරණ ප්‍රතිඵලය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමයේ දෙවන භාගය කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරන සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
මෙවර මැතිවරණයේ දී වසර 30කට වැඩි කාලයකට පසු පළමු වරට ටෙක්සාස් ප්‍රාන්තයේ සෙනෙට් ආසනය ඩිමොක්රටික් පක්ෂයේ ජේම්ස් තලරිකෝ (James Talarico) විසින් ජයග්‍රහණය කිරීම විශේෂත්වයක්.
අමෙරිකා එක්සත් ජනපදයේ මහජන නියෝජිතයන් නියෝජනය වන්නේ එරට කොංග්‍රසයෙනි.
අමෙරිකානු කොංග්‍රසය – සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කියන මන්ත්‍රී මණ්ඩල දෙකකින් සමන්විතයි.
සෑම වසර දෙකකටම වරක් සෙනෙට් සභාවේ ආසන 100න් තුනෙන් එකක් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435 සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම සඳහා මධ්‍යවාර මැතිවරණයක් පැවැත්වෙනවා.

